
ගං වතුර හරහා පැතිරිය හැකි රෝග වලින් එකක් තමයි මී උණ, එහෙමත් නම් Leptospirosis ලෙසද හැඳින්වේ. මී උණ වැලැක්වීම සඳහා අවදානම් පුද්ගලයන්ට සතියකට එක් වරක් Doxycycline 200 mg බීම නිර්දේශ කරයි. මෙම බෙහෙත් MOH කාර්යාල හෝ පොදු සෞඛ්ය නිලධාරීන් (PHIs) හරහා නොමිලේ ලබාගත හැක.
කෙසේ වෙතත්, Doxycycline සමහර පුද්ගලයන්ට නොගැලපේ. එය ගැබිණි වූ කාන්තාවන්, කිරි දෙන අම්මලා, අවුරුදු 12 ට අඩු ළමයි, සහ Doxycycline හෝ Tetracycline වර්ගයේ බෙහෙත් වලට allergy ඇති අය සඳහා සුදුසු නොවේ. එහෙත් සල්ෆර්, Ibuprofen, Diclofenac (NSAIDs) හෝ Penicillin වර්ගයට allergy ඇති පුද්ගලයන්ට Doxycycline භාවිතා කළ හැක.
මී උණ ඇති පුද්ගලයන් ස්වයං ප්රතිකාර නොකර වහාම වෛද්යවරයෙකු හමුවීම අත්යවශ්ය වේ. Doxycycline භාවිතා කළත් උණ සහ මස් පිඩු වේදනාවක් පවතින විට වහාම වෛද්ය උපදෙස් ලබාගත යුතුය. Doxycycline වලට allergy ඇති පුද්ගලයන් සදහා වෛද්ය උපදෙස් ලබා ගැනීම අත්යවශ්ය වේ.